Fuji Yama

Fuji Yama
....ආසියාවේ සොඳුරු සකුරා මල....

Sunday, May 1, 2011

ජපානයේ පිහිටීම

ජපානය ආසියා මහද්වීපයට අයත් ඉතා සුන්දර දිවයිනකි. පැහැදිලි ඍතු හතරක් සහිත ජපානය කාර්යබහුල ජීවන රටාවක් සහිත මිනිසුන් වාසය කරන අති රමණීය වූ දිවයිනකි. "හිරු නැගෙන රාජධානිය" ලෙස හඳුන්වනු ලබයි.  ජපානය නැගෙනහිර පෙදෙස වන්නට පිහිටා තිබෙන දූපතක් නිසාවෙනි. ජපානය පැසිෆික් සාගරයේ ආසියානු මහද්වීපයේ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන දූපතකි. කුඩා දූපත් හාරදහසක් පමණ ඇති අතර ප්‍රධාන දූපත් හතර ලෙස "හොක්කයිදෝහොන්ෂුෂිකොකු සහ ක්යූෂූ" හැඳින්විය හැකිය. ඔකිනව යනුවෙන් හඳුන්වන අනු කුඩා දූපතක්ද දක්නට ලැබේ. ජපානයේ වර්ගඵලය වර්ග කිලෝමීටර 370 000 පමණ වන අතර ජනගහනය කෝටි 10 (2008)ඉක්මවයි.

No comments:

Post a Comment