සුමෝ
රවුම් වළලක් තුළ සිට කරනු ලබන ක්‍රීඩාවකි. වළල්ලෙන් පිටතට විසිවීම, බඳ පටිය ගැළවී යාම තරඟයෙන් ඉවත් වීමට හේතු වෙ.යි සුමෝ ක්‍රීඩකයන් ශරීරය ඉතා තරබාරු අය වේ. ඔවුන් දෙවියන් යැදීමට කරන ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව කරනු ලබයි. දෙවියන් විසින් අස්වැන්න ලබා දෙන බව ජපන් ජාතිකයන් විශ්වාස කරයි. මේ නිසා ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් දෙවියන් සතුටු වෙනවා යැයි ජපන් ජාතිකයන් විශ්වස කරයි.
පිටියට පිවිසීමට පෙර ලුණු අහුරක් ගෙන පිටියට විසි කරනු ලැබේ. එයින් "යක්ෂයන් පළවා හැරීමට හැකි වේ" යැයි විශ්වාසයක් පවතී.

ජූදෝ
තතමි පැදුරු වල සිට ප්‍රතිවාදියාට පහර දෙමින් ප්‍රතිවාදියාගේ පහර පාලනය කරමින් කරනු ලබන ක්‍රීඩාවකි. ශරීරය විශාල වීමට වඩා ශරීරයේ සැහැල්ලු බව ඉතා වැදගත් වේ. සාරධර්ම ඉගෙන ගැනීමට මෙම ක්‍රීඩා වලින් මහත් පිටුවහලක් ලැබේ. තරඟය ආරම්භ වීමට පෙර ප්‍රතිවාදියාට ආචාර කිරීම තරඟයෙන් පසුව දිනන පුද්ගලයාට ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ආචාර කරනු ලබන අතර පැරදුන පුද්ගලයාට ඔහුගේ සහභාගීත්වය වෙනුවෙන් හා තමන්ගේ නිහතමානීත්වය ප්‍රකාශ කිරීමට ආචාර කරනු ලබයි. මෙලෙස ජපන් ජාතිකයන්ගේ ආචාරශීලි බව ඔවුන්ගේ ක්‍රීඩා තුළින් ඉතා හොඳින් එළිදක්වා තිබේ.

