ජපන් ආහාර සෑදීමට ජපන් ජාතිකයන් ඔවුන්ටම ආවේණික වූ ක්‍රමයක් අනුගමනය කරයි. ජපන් ආහාර "ඇස් වලින් බලා රසවිදිනවා" යැයි කියමනක් ජපන් ජාතිකයන් අතර පවතී. ආහාර කැපීමට ඔවුන් විවිධ පිහි වර්ග භාවිතා කරයි. එමෙන්ම ඉතා අලංකාර ලෙස ආහාර කැපීමට ඔවුන් උපන් හපනුන් වෙති.
ජපන් ජාතිකයන් "ගොහන්" යනුවෙන් හදූන් වන විශේෂිත වූ බත් වර්ගයක් භාවිතා කරනු ලබයි. මෙම බත් ඇලෙන සුළු නිසා හෂි යන කෝටු වර්ගයෙන් ආහාරයට ගනු ලබයි. ජපන් ජාතිකයන් හෂි වලින් ආහාර ගැනීමට දක්ෂයින් වේ.
ජපන් ආහාර වර්ග
ජපන් ආහාර අතරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ "සෂිමි, සුෂි, තෙන්පුර, සුකියකි" වේ.
- සොබා - නූඩ්ල්ස් වර්ගයකි
- කිෂිමෙන් - නූඩ්ල්ස් වර්ගයකි
- චිරිනබෙ - මද ගින්නේ තම්බන ලද මාලු
- යුදොෆු - මුදවන ලද සෝයා කිරි
- යකිතොරි - අගුරු වල තම්බන ලද මාලු (BBQ)
- උදොන් - මද ගින්නේ තම්බන ලද එළවලු මස් හා මාලු වල එකතුවකි
- චියන් මිෂි - වාශ්පයෙන් තම්බන ලද බිත්තර කස්ටඩ්
- චියසුකෙ - බත් සමඟ තේ
- ඔනිගිරි - බත් වලට විවිධ වර්ගයේ පිරවුම් යොදා සාදන ආහාරයකි
- ෂින්කො - විනාකිරි යොදන ලද එළවලු
- සුයිමොනො - මාලු හෝ මස් පමනක් යොදන ලද මස් වර්ගයකි
ජපන් ආහාර අතරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ "සෂිමි, සුෂි, තෙන්පුර, සුකියකි" වේ.
සෂිමි
අමු මාලු වලින් සාදන ආහාරයකි. මාලු අමුවෙන් ගෙන ඒවා අධික උෂ්ණත්වයක් යටතේ සිසිල් කර ශෝයූ සහ වසබි යන ද්‍රාවණ වල ගල්වා ආහාරයට ගනී. මාලු වල නැවුම් බව මෙම ආහාරයේදී වැදගත් වේ.
සුෂි
විනාකිරි ගල්වා ඇඹුල් රස කරන ලද බත් ගුලියක් සාදා එය උඩින් හීනි අමු මාලු පෙත්තක් තබා සුෂි සාදනු ලබයි. සමහර අවස්ථා වලදී නොරි නම් වූ මුහුදු පැළෑටි වලින් සාදන ලද කොලයකින් ඔතනු ලැබේ. මෙම ආහාරය ඇඹුල් රසයකින් යුක්ත වේ.
තෙන්පුර
එළවලු සහ මාලු වර්ග බිත්තර, පිටි සහ ජලය යොදා සාදන ලද ද්‍රාවණයක තවරා ගැඹුරු තෙලෙන් බැද සාදා ගන්නා ආහාරයකි. ඉතා රසවත්ය. ශෝයූ සීනි සහ ජපන් මත්පැන් ආදියෙන් සාදන ලද ද්‍රාවණයක් සමඟ ආහාරයට ගනී. ශ්‍රී ලාංකිකයන් ජපන් ආහාර අතරින් වඩාත්ම ප්‍රිය කරන ආහාරයකි.
සුකියකි
එළවලු හරක් මස් ආදිය තෝබු ශොයු සීනි සහ ජපන් මත්පැන් ආදිය යොදා සාදා ගනු ලබන ආහාරයකි. අමුත්තන් පැමිණි විටදී එවෙලේම සාදා උණුවෙන්ම පිළිගනු ලබයි. මේසය මත බදුනක් තබා එයට මෙම ද්‍රාව්‍ය දමා මේසය මතම පිළියෙළ කරනු ලබයි.


සකෙ ජපන් මත්පැන්
සහල් සේදූ විට එහි නිවුඩ්ඩ සමඟ ලැබෙන ජලය භාවිතා කර සකෙ සාදයි. ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන පානය වේ. "මත්පැන්" යන නම යෙදුනද එය 100% ක්ම මත්පැන් නොවේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරයි.
වර්තමානය වන විට කාර්යබහුල ජීවන රටාවත් සමග මෙම සාම්ප්‍රදායික ජපන් ආහාර වලින් බැහැර වී බටහිර පන්නයේ ආහාර වලට පුරුදු වී තිබේ. නමුත් ළමයින් තම මව සාදන ආහාර වලට ප්‍රියතාවයක් දක්වයි.











