Fuji Yama

Fuji Yama
....ආසියාවේ සොඳුරු සකුරා මල....

ජපානයේ භාවිතා වන අක්ෂර

ජපන් භාෂාවේ අක්ෂර වර්ග තුනක් භාවිතා කරනු ලබයි. එනම් හිරගන කතකන හා කන්ජි වේ. මෙමරූපයේ දක්වා ඇත්තේ හිරඟන හා කතකන අක්ෂර වර්ගයි. හිරඟනා අක්ෂර වලින් ජපන් භාෂාවට ආවේණික වචන ලියනු ලබන අතර කතකන අක්ෂර වලින් වෙනත් ර‍ටවල් වලින් (බටහිර) ජපානය තුළට පමිණි වචන ලිවීමට භාවිතා කරයි. හිරඟන අක්ෂර එදිනෙදා ජීවිතයේ භාවිතා කරන නමුත් කතකන අක්ෂර                      එදිනෙදා ජීවිතය තුළ එතරම් භාවිතා නොකරයි.


    
                                                                                                                                                                                                                  
 මෙම රූපයෙන් දක්වා ඇත්තේ කංජි රූපාක්ෂරයි. ජපන් ජාතිකයන් එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබන්නේ කංජි අක්ෂර තුන්දහසක් හාරදහසක් අතර ප්‍රමාණයකි. නමුත් ජපන් භාෂාව තුළ කංජි රූපාක්ෂර තිස්දහසකට අධික ප්‍රමාණයක් පවතිනු ලබයි. කංජි අක්ෂර ලිවීම හා මතක තබා ගැනීම ඉතා අපහසුය. නමුත් කංජි අක්ෂර ඉගෙන ගැනීම ඉතා රසවත් දෙයකි.