Fuji Yama

Fuji Yama
....ආසියාවේ සොඳුරු සකුරා මල....

අධ්‍යාපනය

ජපානයේ ළමයින් අවුරුදු 6වනවිට තම අධ්‍යාපනය ආරම්භ කරයි. ජපානයේ පාසල් කොටස් තුනකට බෙදා තිබේ.
  • ප්‍රාථමික පාසල 
  • මධ්‍යම පාසල
  • උසස් පාසල
වසර 6ක් ප්‍රාථමික පාසලේ ඉගෙන ගනු ලබන අතර මධ්‍යම පාසලේ වසර 3ක් හා උසස් පාසලේ තවත් වසර 3ක් ඉගෙනුම ලබයි. මුළු කාලය වසර 12කි. ජපානයේ ළමයෙකුට අනිවාර්ය අධ්‍යාපන කාලය වසර 9කි. එනම් ප්‍රාථමික පාසල හා මධ්‍යම පාසලයි. ජපානය තුළ පොදු පාසල්, රජයේ පොදු පාසල් හා පෞද්ගලික පාසල් යනුවෙන් පාසල් වර්ග 3කි. පොදු පාසල් වල අනිවාර්ය අධ්‍යාපන කාලය නොමිලේ ලබා දෙයි. පෞද්ගලික පාසල් මුළු පාසල් වාරය තුළදීම මුදල් ගෙවීම සිදු කළ යුතුය. මෙම පාසල් වල ඇතුළත් වීම සඳහා විභාග පවත්වනු ලබයි. පොදු පාසල් වල මෙම විභාගය පවත්වන්නේ නැත. වසර 12ක පාසල් කාලය නිම වීමෙන් පසුව විශ්ව වීද්‍යාලයට ඇතුළත් වී තමන් කැමති අංශයකින් ඉදිරියට යාමට හැකිවේ.