උදා : උපත්, විවාහ සහ මරණ
ජපන් ජාතිකයන් පන්සලට, විහාරයට යනු ලබන්නේ ඔවුන්ගේ අලුත් අවුරුදු උත්සවයට පමණි.
ශින්තො ආගම
ජපන් ජාතිකයන්ගෙන් 51% පමණ ශින්තො ආගම අදහනු ලබයි. මෙයිජි අධිරාජ්‍යා විසින් 1868 වසරේදී ශින්තො ආගම ජපානයේ නිළ ආගම ලෙස නම් කරන ලදි. මෙම ආගම තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ අධිභෞතික දේවල් ඇදහිලි හා විශ්වාසයි. ඒ අතර හිරු පිදීම, ගස් ගල් වලට වැඳුම් පිඳුම් කිරීම එමෙන්ම ශබ්ද වලට පවා වැඳුම් පිඳුම් කිරීම කරනු ලබයි. දේව ඇදහිලිද බහුල වශයෙන් දක්නට ලැබේ. ශින්තො දේවස්ථාන වල මෙම දේව වන්දනාව කරනු ලැබේ. විශේෂයෙන් පිරිසිදුවී මෙම දේවස්ථාන වලට ඇතුළ් වේ. ජපානය, කොරියාව සහ තායිවානය යටත් කර ගැනීමෙන් අනතුරුව ශින්තො ආගම මෙම රටවල් වල නිළ ආගම බවට පත් විය.
බුද්ධාගම
බුද්ධාගම කොටස් තුනකට බෙදනු ලැබේ.
- තේරවාද බුදුදහම (ඉන්දියාවේ හා දකුණු ආසියානු රටවල ව්‍යාප්තව ඇත)
- මහායාන බුදුදහම ( චීනය, වියට්නාමය, ටිබෙටය සහ අවසානයේදී ජපානය, කොරියාව)
- වජ්රායන බුදුදහම
ජපන් ජාතිකයන්ගෙන් 91% පමණ බෞද්යෝ වෙති. 12වන ශතවර්ශයේ කමකුර නගරය අගනුවර බවට පත් වූ විට සෙන් ආගම ජපානය තුළ ව්‍යාප්ත වන්නට විය. මෙය මහායාන බුදුදහමේ භාවනා ක්‍රම තුළින් ආරම්භ විය.
තොශෝදජි යන පන්සල පැරණිතම බෞද්ධ විහාරය වේ.

