ජපානයේ ජාතික පුෂ්පය "සකුරා" මල වේ. මාර්තු මාසය වන විට සකුරා මල් පිපීම ආරම්භ වේ. "ඔකිනව" යන ප්‍රදේශයෙන් පිපීම ආරම්භ වේ. එම කාලයට ජපානයේ සිරිතක් ලෙස ජපන් ජාතිකයන් සකුරා මල් වල සුන්දරත්වය දැක ගැනීමට යයි. එම කාලයට ඒ අවට ප්‍රදේශය සකුර මල් වල සුවදින් සුගන්ධවත් වී තිබේ. මුළු පරිසරයම අතිශය චමත්කාරජනක සොඳුරු දසුනක් ලෙස දිස් වෙයි.





