Fuji Yama

Fuji Yama
....ආසියාවේ සොඳුරු සකුරා මල....

Sunday, May 1, 2011

ජපානයේ විශේෂ දින

ජනවාරි
ජනවාරි 01 02 හා 03
ජපානයේ අලුත් අවුරුද්දවේ. දෙසැම්බර් 31 පන්සලට ගොස් ජනවාරි පළමුවනදා ෂින්තො දේවස්ථානය වෙත යයි. සමීප හිතවතුන්ට සුභ පැතුම් පත් යවනු ලබයි. ළමයින් කාඩ් ගැසීම, බැඩ්මිනටන් ගැසීම, සරුංගල් යැවීම කරනු ලබයි.


ජනවාරි 08
වැඩිහිටියන්ගේ දිනය වේ. ජනවාරි 08වන දිනට වයස 20සම්පූර්ණ වන තරුණ තරුණියන් මෙම දිනය සමරනු ලැබේ. මෙදින ෂින්තො දේවස්ථානයට ගොස් මුදල්, සෞඛ්‍ය, ආර්ථිකය යහපත් වන ලෙස ප්‍රාර්ථනා කරයි. මෙම දිනයෙන් පසු සකෙ පානය කිරීමට සිගරට් පානය කිරීමට අවසර ලැබේ.


පෙබරවාරි
පෙබරවාරි 03
පෙබරවාරි මාසය ශීතල අධික මාසය වේ. පෙබරවාරි 03වන දා ඍතු වෙනස් වන මාසය වේ. ශීත ඍතුවේ අවසාන දිනය පෙබරවාරි 03 වන අතර පෙබරවාරි 04 වසන්ත ඍතුවේ පළමු දිනය වේ.


පෙබරවාරි 04
යක්ෂයින් පළවා හැරීමේ දිනය ලෙස හැදින් වේ. "සෝයා බෝංචි ඇට වලින් යක්ෂයින් පළවා හැරීම‍ට හැකිවේ" යැයි විශ්වාසයක් පවතී. එදිනට නිවසේ ගෘහ මූලිකයා හෙවත් පියා යක්ෂයකුගේ වෙස් මුහුණක් පැළඳ සිටින අතර ළමයින් සෝයා බෝංචි ඇට වලින් ඔහුට ගසනු ලැබේ. නිවසේ ඇති නරක දේවල් පළවා හරින තේරුම තිබේ.

මාර්තු
සකුර මල් බැලීමේ මාසය වේ. සකුර මල් ගස් යට වාඩිවී සකෙ පානය කරමින් විනෝද වෙමින් කාලය ගත කරයි. රාත්‍රී කාලයේදී මෙය ඉතා අලංකාරවත් ලෙස දිස් වේ.


මැයි
මැයි 05
ළමයින්ගේ දිනය වේ. ළමයිනගේ නිරෝගී බව ප්‍රාර්ථනා කරයි. අයිරිස් මල් පෙති යොදා ස්නානය කරයි.


මැයි මස දෙවන ඉරිදා දිනය මව්වරුන්ගේ දිනය ලෙස නම් කර තිබේ. මෙම දිනයට මව්වරුන්ට රතු පැහැති කානේෂන් මලක් ලබා දී ස්තූතිය ප්‍රකාශ කරයි.

ජුනි
මේ මාසයේදී කාර්යාල වල බෝනස් ලබා දෙන අතර වසරකට දෙවතාවක් ලබා දෙයි. ඒ ජුනි හා දෙසැම්බර් වේ.

ජූලි
ජූලි 07
ගවපල්ලන්ට වාසනාව ලබා දෙන තරුව හා අහසේ නිරිත දිශාවේ තිබෙන තරුව මුණ ගැසෙන දිනය වේ. මෙම දිනයට ළමයින් සිහින් දිග කොළ කැබලි වල තමන්ගේ ප්‍රාර්ථනා ලියා උණ ගස් වල එල්ලා තබ‍යි.


ජූලි 01 සිට 15 දක්වා තමන්ට උදව් උපකාර කළ අයට තෑගි යවනු ලබයි. ජූලි මාසයේ මැද සිට අගෝස්තු මාසයේ මුළ දක්වා කාලය තුළ තැපැල් පත් යවනු ලැබේ. මෙම මාසය තුළ අසනීප වැඳීමේ ප්‍රවණතාවය වැඩි නිසා මෙලෙස කරුනු ලබේ.

අගෝස්තු
අතීතයේ මෙම මාසය තුළදී ජපානයට න්‍යෂ්ටික බෝම්බ දමනු ලැබූ අතර මේ නිසා පීඩාවට පත් ජපන් ජනතාව ලොව පුරා අවි ආයුධ වලට විරෝධය දක්වනු ලබයි. මේ නිසා සාමය ප්‍රාර්ථනා කර උත්සවයක් පවත්වනු ලබ‍යි.


අගෝසතු මස 08 සිට 13 දක්වා පවත්වන ඔබොන් බෞද්ධ ආගමික උත්සවයකි. මියගිය නෑදෑයින්ගේ ආත්ම නිවාස වලට ගෙන්වා ජීවිත වලට සතුට සාමය ප්‍රාර්ථනා කරනු ලබ‍යි.

සැප්තැම්බර්
සැප්තැම්බර් 01
1923 වසරේදී කන්තො නමින් විශාල භූමි කම්පාවක් ඇති විය. මේ නිසා විශාල දේපළ හානි හා ජීවිත හානි සිදුවිය මේ දිනය සිහි කර රජය නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

නොවැම්බර්
නොවැම්බර් 03 
සංස්කෘතික දිනය වේ. මෙදින සංස්කෘතික සංදර්ශන පවත්වනු ලබයි.

දෙසැම්බර්
මෙම මස තුළදී වසර පුරාවට උදව් උපකාර කළ අය සිහිකර තෑගි යවනු ලබයි.

No comments:

Post a Comment