හොක්කයිදෝ
හොන්ෂු
ෂිකොකු
ක්යූෂූ
ජපානය යනු භූ චලන සිළි සුළං වැනි ස්වභාවික විපත් අධික රටකි. 1923 වසරේදී කන්තෝ භූ චලනය හා 1995 වසරේදී ඇතිවූ හියොගොකෙන්කන්බු භූ චලනය මගින් දහස් ගණනක් මරණයට පත් විය. 2011 වසරේදි සිදු වූ භූ චලනය හා සුනාමිය ජපානය මුහුණ දුන් ව්‍යසන අතරින් බිහිසුනුම භූ චලනයක් වේ. නමුත් ජපන් ජාතිකයන් මෙම ස්වභාවික විපත් සියල්ලටම ඉතා සාර්ථකව මුහුණ දෙමින් ලෝකයම ජයගෙන තිබේ.
ෆුජි කන්ද
ජපන් ජාතිකයන්ගේ අනන්‍යතාවය විදහා දක්වන සලකුණක් ලෙස "ෆුජි කන්ද" දැක්විය හැකිය. එය අතීතයේ ඉතා දරුණු විපත් ගිනි කන්දක් වුවද වර්තමානය වන විට අක්‍රියව පවතී. නමුත් තවමත් ඉඳහිට ෆුජි කන්දෙන් දුම් වළා නිකුත් වේ. නමිත් මෑතකදී එමගින් කිසිදු අනතුරක් සිදුවී නොමැත. එය ඍතු හතරේදීම වෙනස් වෙමින් ඉතා සුන්දර දසුන් මවයි. සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා සුන්දර දසුන් මැවීමට ෆුජි කන්දට හැකිවී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ෆුජි කන්ද දෙස කුමන දිශාවකින් බැලුවද එකම අයුරකින් දිස් වීමයි.
වසන්ත කාලයේදී
ගිම්හාන කාලයේදී
සරත් කාලයේදී
ශීත කාලයේදී